සිර දඩුවම් ලබා සිටින රුසියාවේ විපක්ෂ කණ්ඩායමක ප‍්‍රධානියා වන ඇලෙක්සි නවාල්නි රෝහල් ගතකර තිබෙනවා.
විෂ ශරීර ගතවීමක් සිදුව ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි මොස්කව් රෝහල් ප‍්‍රකාශකයකු සඳහන් කළේ. රජයට එරෙහි විරෝධතා සංවිධාන කිරිමේ චෝදනා මත ඔහුට සිරදඩුවම් නියම වුණේ දින 30ක කාලයක් සඳහායි. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන රුසියා මහ මැතිවරණය මුල්කර ගනිමින් රටපුරා විරෝධතා හට ගැණුනා. මේ වනවිට දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post සිරගත කළ රුසියා විපක්ෂ ප‍්‍රධානියා රෝහල් ගතකෙරේ appeared first on ITN News.
Post a Comment