බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පනස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බන්ධනාගාරයේ සිරකරුවන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ මෙම ගැටුම පැය පහක කාලයක් පැවති බවයි බන්ධනාගාර බලධාරීන් පවසන්නේ. බ්‍රසීලයේ අල්ටමීරා බන්ධනාගාරයේයි මෙම ගැටුම හට ගත්තේ. මියගිය අයගෙන් 16 දෙනෙකුගේ හිස ගසා මරා දමා ඇති අතර බන්ධනාගාරයේ එක් කොටසක් ගිනි තබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සිරකරුවන් කිහිප දෙනෙකු එක්ව ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ඔවුන්ද මේ වන විට නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
The post බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් පනස් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment