පාස්කු ප්‍රහාරයෙන් පසුව ද සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට සිදුකරගෙන ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගත් බවයි සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින්ට රුපියල් මිලියන 180 ක් ප්‍රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව , ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය එක්ව එය සංවිධාන කර තිබුණා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ජයග්‍රාහකයෙකු තෝරා ගැනීමටයි කටයුතු කර තිබුණේ. සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන යටතේ මේ දක්වා ලබා දී ඇති නිවාස සංඛ්‍යාව විසිඅටදහස් නවසිය තිස්හතරක්. දිනුම් ඇදීම හරහා මසකට නිවාස 331 ක් ලබා දීම මේ යටතේ සිදුවනවා.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post පාස්කු ප්‍රහාරයෙන් පසුවත් සංවර්ධනය එලෙසමයි – අගමැතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment