Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය නව කැබිනට් මණ්ඩලය අද පත්කෙරේ  

Add comments

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා සහ කන්සවෙටිව් පක්ෂ නායකයා ලෙස ඊයේ (24) දිවුරුම් දුන් බොරිස් ජෝන්සන් අද(25)ඔහුගේ නව කැබිනට් මණ්ඩලය හමුවීමට නියමිතයි. නව අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව ඇමතීමට පෙරයි නව කැබිනට් මණ්ඩලය හමුවීමට කටයුතු යොදා තිබෙන්නේ.

නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය නම් කෙරුණා.  බ්‍රිතාන්‍යය බ්‍රෙක්සිට් ක්‍රියාවලියට දායක වු ප්‍රධාන නියෝජිතයින් කිහිපදෙනෙකුට ද නව කැබිනට් මණ්ඩලයේ ධූර ලබා දී තිබෙනවා. හිටපු අගමැතිනි තෙරේසා මේ ගේ කැබිනට් මණ්ඩලයෙන් හරි අඩක් නව කැබිනට් මණ්ඩලයේ නොමැති බව වාර්තා වනවා. ඒ වෙනුවට බ්‍රෙක්සිට් හිතවාදීන් පත් කර ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් බොරිස් ජෝන්සන්ගේ කැබිනට්ටුවට දැඩි විවේචන එල්ල වනවා. දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතු ජොන්සන් බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ලබන ඔක්තෝබර් 31 වනදා එම ගිවිසුම නැවතත් ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් පවතින තත්වයත් සමඟ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හිටපු අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට ලැබුණු සහයෝගයවත් නව අග්‍රාමාත්‍යවරයාට හිමි නොවනු ඇති බවයි දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ. නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ඇතුළු නගර කිහිපයක විරෝධතා පැවැත්වුණා.

 

The post බ්‍රිතාන්‍ය නව කැබිනට් මණ්ඩලය අද පත්කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG