පසුගිය දා ඇති වු අධික සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් සඳහා වන්දි මුදල් ලබාදීම මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ අධික සුළගින් පවුල් 340 කට බලපෑම් එල්ල වුණා. ප්‍රථම අදියර යටතේ ඔවුන්ට අත්තිකාරම් වශයෙන් රුපියල් දස දහස බැගින් ලබාදීම සිදු කෙරෙනවා. මේ අනුව මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විපත් පත් පවුල් වෙත වන්දි මුදල් ප්‍රදානය මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. තක්සේරු වාර්තා ලැබීමෙන් අනතුරුව සම්පූර්ණ වන්දි ආධාර මුදල ලබාදෙන බවයි පුත්තලම දිසා ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා පැවසුවේ.
The post සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත් පවුල් සඳහා වන්දි appeared first on ITN News.
Post a Comment