පසුගිය දින 10 තුළ සිරියාවේ විවිධ ප‍්‍රදේශ වලට එල්ලවූ ගුවන් ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඊට කුඩා ළමුන් 26 ක් ඇතුලත්. පාසල්, රෝහල්, ප‍්‍රසිද්ධ වෙළෙද මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර එල්ල වුණා. ප‍්‍රහාර වලට සිරියා රජය සහ රුසියාව වගකිව යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප‍්‍රධානී මිෂෙල් බැචලට් ප‍්‍රකාශ කළේ.
ලක්ෂ 4 කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. ලක්ෂ 30 ක ජනගහණයක් වෙසෙන ප‍්‍රදේශ වලට තවදුරටත් ගුවන් ප‍්‍රහාර එල්ල වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.
The post සිරියාවේ ගුවන් ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් සියයකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment