චීන හිටපු අග්‍රාමාත්‍ය ලී පෙන් අභාවප්‍රාප්ත වුණා.
චීන ඉතිහාසයේ දරුණුතම ජන සංහාරයක් ලෙස සැලකෙන ටියනාන්මෙන් චතුරශ්‍රය ආසන්නයේ සිදුවූ ඝාතනයන්ට නියෝග ලබාදුන්නේ ඔහුයි. හදුනාගත නොහැකි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යනවිට ඔහු 90 වන වියෙහි පසුවුණා. 1989 වසරේ අප්‍රේල් මාසයේ චීන ශිෂ්‍ය පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂව ටියනාන්මෙන් චතුරශ්‍රය ආසන්නයේ මෙම විරෝධතාව ආරම්භ කළා. එම වසරේ ජුනි 4 වනදා යුද නීතිය ප්‍රකාශයට පත්කරමින් සිය ගණනක් නිරායුද සිවිල් වැසියන් ඝාතනය කිරීමට ඔහු නියෝග ලබාදුන්නා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අගමැති ලී පෙන් පවසා ඇත්තේ තමන් එම අවස්ථාවේ සිදුකළේ ඉතා අත්‍යවශ්‍ය ක්‍රියාවක් බවයි.
The post චීන හිටපු අග්‍රාමාත්‍ය ලී පෙන් අභාවප්‍රාප්තවෙයි appeared first on ITN News.
Post a Comment