Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහා ලක්ෂ්මි එක්ස්ප‍්‍රස් දුම්රියේ සිරව සිටි මඟීන් නිරුපද්‍රිතව බේරාගැනේ  

Add comments

මහා ලක්ෂ්මි එක්ස්ප‍්‍රස් දුම්රියේ සිරව සිටි මඟීන් නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිව ඇති බව ඉන්දීය ප‍්‍රවෘත්ති වාර්තා පවසනවා.

මුම්බායි නගරය ආසන්නයේදී මහා ලක්ෂ්මි එක්ස්ප‍්‍රස් දුම්රිය ජල ගැල්මට හසුවීම හේතුවෙන් මඟීන් 700 කට වැඩි පිරිසක් එහි සිරවී සිටියා. ඔවුන් බේරාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ ඊයේ (27) පස්වරුවේ. ගැබිණි කාන්තාවන් 9 දෙනෙකු ද දුම්රියේ සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ. ඔවුන් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ඒමට ඉන්දීය නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා සහ රබර් බෝට්ටු විශාල සංඛ්‍යාවක් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කළා. පැය 15 කට වැඩි කාලයක් අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මෙලෙස ජල ගැලීම් හටගෙන තිබෙනවා. බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර පැය 5 ක් ඇතුලත සියලු දුම්රිය මඟීන් බේරාගැනීමට හැකිවූ බවයි ඉන්දීය ප‍්‍රධාන දුම්රිය මධ්‍යස්ථානය සඳහන් කළේ. ගිලන් රථ 37 ක් සහ වෛද්‍යවරුන් ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙන දුම්රිය මඟීන්ගේ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් යොදවා තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය ජලය, ආහාර සහ අනෙකුත් සියලු පහසුකම් සැපයීමට ද පියවර ගෙන ඇති බවයි ඉන්දිය ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

The post මහා ලක්ෂ්මි එක්ස්ප‍්‍රස් දුම්රියේ සිරව සිටි මඟීන් නිරුපද්‍රිතව බේරාගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG