Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමර්සන් වනාන්තරයේ තවත් ගිනි ගැනීම් 1600 ක්  

Add comments

ඇමර්සන් වනාන්තරයේ නව ගිනි ගැනීම් 1663 ක් වාර්තාවී තිබෙනවා. ඒ පසුගිය බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේදීයි.

ඉන් ගිනි ගැනීම් 1200 ක් තවමත් පවතින බවයි බ‍්‍රසීල ජාතික අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය පෙන්වාදෙන්නේ. මේ වසරේ ගතවූ කාලසීමාවේදී පමණක් ඇමර්සන් වනාන්තරයේ බ‍්‍රසීල කොටසේ ගිනි ගැනීම් හැත්තෑ අට දහස් තුන්සිය අසූ තුනක් වාර්තාවී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 84% ක ඉහළ යාමක්. බ‍්‍රසීලයේ ප‍්‍රාන්ත 9 ක මෙම ගිනි ගැනීම් පවතින බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ.

ජනාධිපති ජයිර් බොල්සනාරෝ හමුදා කණ්ඩායමක් කිහිපයක් ද ගිනි නිවීම් සඳහා යොදවා තිබෙනවා. ඇමර්සන් වනාන්තරයේ සිදුවන මෙම ගිනි ගැනීම් ලෝක ප‍්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ප‍්‍රංශයේ පැවැත්වෙන ජී 7 සමුළුවේ ද මෙය ප‍්‍රධාන මාතෘකාවක් වනු ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමය ද ගිනි මැඩපැවැත්වීමට ප‍්‍රමාණවත්ව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකළා. ඒ වෙළෙද ගිවිසුම අත්සන් නොකරන බවට සඳහන් කරමින්. ඉන්පසුව බ‍්‍රසීල ජනාධිපතිවරයා ඇමර්සන් වනාන්තරයේ හටගත් ගිනි මැඩපැවැත්වීමට භට කණ්ඩායම් යෙදවීම විශේෂත්වයක්.

The post ඇමර්සන් වනාන්තරයේ තවත් ගිනි ගැනීම් 1600 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG