බෝගම්බර පැරණි බන්ධනාගාර භූමිය නවීකරනයෙන් පසු පළමු අදියර ජනතා අයිතියට පත් කිරීම අද (24) පෙරවරුවේ සිදුකෙරුණා.
දෙවන අදියරේ කටයුතු ද මීට සමගාමීව ආරම්භ කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.
අක්කර 11 ක භූමි භාගයකින් යුත් බෝගම්බර බන්ධනාගාරය පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටවූයේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම අනුවයි. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරය පැවති භූමිය නවීකරනයට පියවර ගැණුනා. ඒ අදියර කිහිපයක් යටතේයි. පළමු අදියර යටතේ බෝගම්බර බන්ධනාගාර උද්‍යාන පරිශ්‍රයේ පිටත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරුණා.
එහි ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක් සහ මහජන උද්‍යානයක් ද පවතිනවා. එමෙන්ම කන්ද උඩරටට ආවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සදහා එළිමහන් වේදිකාවක් ද මෙහි පවතිනවා. පළමු අදියරේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 200 ක් වැය කෙරුණා. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.

The post බෝගම්බර පැරණි බන්ධනාගාර භූමිය නවීකරනයෙන් පසු පළමු අදියර ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment