මෝරුන් සහ මඩු මත්ස්‍යයින් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටිනවා. එවැනි මත්ස්‍ය විශේෂ 18ක් සුරැකීමට රටවල් 102ක් එකඟතාව පළ කර තිබෙනවා.
වදවීයාමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව විශේෂ වෙළදාම පිළිබඳ පැවති සමුළුවකදී රටවල් 102ක් මෙම සත්ව විශේෂ ආරක්ෂා කිරීමට එකඟවී තිබෙනවා. වෙළෙද හා වාණිජ කටයුතු වෙනුවෙන් වසරකට මෝර මත්ස්‍යයින් මිලියන 100ක් දඩයම් කර මරා දැමෙනවා. මාකෝස් නම් මෝර විශේෂය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වදවී ගොස් තිබෙනවා. අත්ලාන්තික් , පැසිෆික් සහ ඉන්දියානු සාගර කලාපවලින්ද මෙම මත්ස්‍යයින් වද වී යමින් පවතින බවයි වාර්තා වන්නේ.
The post වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ 18ක් සුරැකීමට රටවල් 102ක් එකඟවෙයි appeared first on ITN News.
Post a Comment