Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය සේවය 2025 වනවිට ජනතා අයිතියට  

Add comments

මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය සේවය 2025 වසර වනවිට ජනතාවට විවෘත කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. එහි මූලික අදියරේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු විශේෂඥ දැනුම සහිත ආයතන පහකින් සිදුකෙරෙන බවයි අමාත්‍යාංශය පවසන්නේ. ව්‍යාපෘතිය මඟින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිතයි. කණු මත ඉදිවන දුම්රිය මාර්ගයේ පළල මීටර 8.4 ක්. ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම්පොළ සංඛ්‍යාව 16 ක් ඉදිකිරිමයි සැලැස්ම.මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු සහ සේවා අංගනයක් ද ඉදිකෙරෙනවා. ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන සුඛෝපබෝගී සැහැල්ලු විදුලි දුම්රියක් මෙහි ධාවනයට යොදා ගැනීමටයි සැලසුම් කර තිබෙන්නේ. වරකට මඟීන් 800 ක් පමණ එහි රැගෙන යා හැකි බවයි බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

The post මාලඹේ – කොළඹ සැහැල්ලු දුම්රිය සේවය 2025 වනවිට ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG