Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජර්මනියේ සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්  

Add comments

ජර්මනිය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල ඇල්ප්ස් කඳුකරයට සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි ජර්මානු බලධාරීන් සඳහන් කළේ.

ඔවුන් කඳුකරය ආශි‍්‍රතව සිටින ගවයින් සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී සිදුවන අනතුරු සැලකිල්ලට ගනිමින් අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සංචාරකයන් ගවයන් සමඟ ඡායාරූප ගැනීම උන්මාදයක් තරමටම වැඩිවී ඇති බවයි ජර්මානු බලධාරින් පවසන්නේ. එම සතුන් ආක‍්‍රමණශ්‍රීලී සහ භයානක විය හැකි බැවින් ඔවුන් ආසන්නයට නොයන ලෙසට ද දැනුම්දී තිබෙනවා. ඇල්ප්ස් කඳුකරයට පැමිණෙන සංචාරකයන්ට චර්යා ධර්ම පද්ධතියක් හදුන්වාදීමට සූදානම් බවයි ජර්මන් බලධාරින් සඳහන් කළේ.

The post ජර්මනියේ සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG