මෙරට විශාලතම තාක්ෂණික අභ්‍යාස ආයතනය වන කොරියානු ශ්‍රී‍්‍ර ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය භෙට ජනතා අයිතියට පත්කෙරෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ඔරුගොඩවත්ත මංසන්ධියේ ස්ථාපනය කර ඇති මෙම වෘත්තීය පුහුණු ආයතනය ඉදිකිරීම සඳහා ඇමරිකා ඩොලර් එක් කෝටි පහළොස් ලක්ෂ හැත්තෑ දහසකට අධික මුදලක් වැය කර තිබෙනවා. මෙම තාක්ෂණික අභ්‍යාස ආයතනයෙන් නව ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පෙන්වාදෙන්නේ. අතිනවීණ තාක්ෂණික පාඨමාලා රැසක් මෙම ආයතනය මඟින් හදුන්වාදීමට නියමිතයි. ඒවා හැදෑරීමට ජාතික වෘත්තීය සුදුසුකම් වන NVQ සහතික ලබා තිබීම හෝ උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් සමත්ව තිබීම අවශ්‍ය කරුණක්. තෝරාගැනීමේ පරීක්ෂණයකින් පසු සිසුන් පාඨමාලා සඳහා යොමු කෙරෙනවා. පූර්ණ කාලීන පාඨමාලා නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්.
The post මෙරට විශාලතම තාක්ෂණික අභ්‍යාස ආයතනය හෙට සිසු අයිතියට appeared first on ITN News.
Post a Comment