Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාලු මුහුදේදී අත්අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ  

Add comments

ගාලු මුහුදේදී අත්අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදේදී පසුගියදා අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් 06 දෙනා සහ ඔවුන්ට අයත් විදේශීය ධීවර යාත්‍රාව පරික්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 70 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වුණා. මීට සමගාමීව ගාල්ල ප්‍රදේශයට නොදුරු මුහුදේදී ශ්‍රී ලාංකිකයින් 04 දෙනෙකු සමඟ දේශීය බහුදින ධිවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගැනුණා. අධිකරණ නියෝග මත එම යාත්‍රාව දැඩි ලෙස පරික්ෂා කිරීමේදීයී  එහි විශේෂයෙන් සකසන ලද කොටසක් තුළ මෙම මත්ද්‍රව්‍ය තිබී සොයා ගෙන ඇත්තේ. හෙරොයින් බවට සැකකෙරෙන කිලෝග්‍රෑම් 85 කට ආසන්න ද්‍රව්‍ය තොගයක්  මෙසේ සොයා ගෙන තිබෙනවා.

 

 

 

The post ගාලු මුහුදේදී අත්අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG