Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන ජනපති හමුවීමට ඇමරිකා ජනපති සූදානම්  

Add comments

ඉරාන ජනධිපති හසන් රවුහානි හමුවීමට සූදානම් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

ඒ මේ වනවිට මතුව ඇති වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරිමට. ඉදිරි සති කිහිපය තුළ අවශ්‍ය ක‍්‍රියාමර්ග ගන්නා බවයි ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කළේ. තානාපති මට්ටමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරිමත් අරමුණක්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් 2015 දී ඇති කරගත් ගිවිසුමෙන් ඉවත්වීමට ඇමරිකාව තීරණය කළා. ඉන් අනතුරුව දෙරට අතර අවස්ථා ගණනාවකදීම අර්බුදකාරි තත්ත්වයක් මතු වුණා. කෙසේ වෙතත් ඉරානය සමඟ නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹිමට අවදානය යොමුව ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ.

The post ඉරාන ජනපති හමුවීමට ඇමරිකා ජනපති සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG