ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් බ්‍රිතාන්‍යයට අයත් ජිබ්රොල්ටාව මගින් මධ්‍යධරණී මුහුදේ රඳවා සිටි ඉරාන සුපිරි තෙල් නෞකාව මේ වන විට ග්‍රීසියට ළගාවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකාව ග්‍රීසියට සහ මධ්‍යධරණී මුහුදේ ඇති වරායන්ට අනතුරු අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකාව සදහන් කරන්නේ මෙම නෞකාවට සහයෝගය දක්වන ලෙසයි. මෙම ඉරාන නෞකාව යුරෝ සම්බාධකවලට ලක්ව තිබෙන සිරියාවට තෙල් රැගෙන යන බවට චෝදනා කරමිනුයි පසුගිය ජුලි හතරවනදා මෙය රදවා ගැනුණේ. කෙසේ නමුත් ඉරානය ගමනාන්තය සම්බන්ධයෙන් සහතිකයක් ලබාදීමෙන් පසු නෞකාව ඊයේ මුදා හැරුනා. ඉරානය ඇමෙරිකාව එල්ල කරන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
The post ඉරාන සුපිරි තෙල් නෞකාව ග්‍රීසියට ළගා වෙයි appeared first on ITN News.
Post a Comment