ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වුණා. පැය භාගයකට ආසන්න කාලයක් නායකයන් දෙපළ සාකච්ඡා කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් මතුව ඇති කරුණු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. කාශ්මීරයේ වර්තමාන තත්ත්වය ද ඊට අයත්. ත‍්‍රස්තවාදය තුරන් කර දැමීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි නරේන්රුද්‍ර මෝදි ප‍්‍රකාශ කළේ. දේශසීමා නිදහස් ආකාරයෙන් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව ද එහිදි අදහස් හවුමාරු වී තිබෙනවා. සාකච්ඡා වඩාත් මිත‍්‍රශ්‍රීලි හා යහපත් ආකාරයෙන් පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දෙරටේ වෙළඳ කටයුතු පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබෙනවා.
The post ඉන්දීය ඇමරිකා නායකයන් අතර සාකච්ඡා appeared first on ITN News.
Post a Comment