නව යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය යුක්තිය සහ වගකීම වෙනුවෙන් සිදු කළ කැපකිරීම් හෑල්ලුවට ලක් කිරීමක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැඩි සැළකිල්ලෙන් පසුවන බවයි. විශේෂයෙන්ම සංහිදියාව හා සමාජ සමඟිය සඳහා වන අවශ්‍යතාව අතිශයින් වැදගත් අවස්ථාවක මෙම පත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමය ,යුක්තිය සහ වගකීම් ප්‍රවර්ධනය කිරීම සඳහා කළ කැපකිරීම් හෑල්ලුවට ලක් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
The post නව යුද හමුදාපති පත්කිරීම පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment