Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරත් විජේසූරියට එරෙහි නඩුව කල් යයි  

Add comments

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් වන විරෝධතා නොවැම්බර් මස 21වනදාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුව අභියාචනාධිකරණයේදී අද කැදවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණේ. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය පිළිබදව මහාචාර්ය සරත් විජේසූරිය මහතා අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති බව ඔහුට එරෙහි චෝදනාවයි. නඩුව නොවැම්බර් 25 වනදා යළි කැදවීමට නියමිතයි.

 

 

 

The post සරත් විජේසූරියට එරෙහි නඩුව කල් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG