Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුලු කර්මාන්තකරුවන්ට රක්ෂණ ක්‍රමයක්  

Add comments

සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. අම්පාර උහන ප්‍රදේශයේ හස්ත කර්මාන්ත අලෙවිසලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රදේශයේ පවුල් 35 ක් සඳහා මැටි භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා දී ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවි කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම අලෙවිසල ආරම්භ කෙරුණා.

ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහන යටතේ උහන මාලිගාතැන්න ප්‍රදේශයේ පවුල් 35 ක් සදහා රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් වැයකර තිබෙනවා. අමාත්‍ය දයා ගමගේ,  රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post සුලු කර්මාන්තකරුවන්ට රක්ෂණ ක්‍රමයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG