පවතින ක්‍රමවේදය වෙනස් කර තරුණ පරපුරේ විශ්වාසය යළි ගොඩනගමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති ‘යුතුකම’ ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුකළ යුතු බවයි.
ලෝක තරුණ දිනය සැමරීමට සමගාමීව ජාතික තරුණ ස්වෙච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය සදහා තරුණ තරුණියන්ට එක්වීමට වෙබ් අඩවිය ආරම්භ කිරීම ද මෙහිදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ, මහාචාර්ය සිරී හෙට්ටිගේ, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී සිවඥානසෝති, මහතා ප්‍රමුඛ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, තරුණ තරුණයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
‘යුතුකම’ ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය පිහිටුවීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව අද (17) රාත්‍රී 10.00ට බලාපොරොත්තුවන්න.
The post අගමැතිගෙන් තරුණයන්ට අභියෝගයක් appeared first on ITN News.
Post a Comment