Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාද භේද නැතිව රට ගොඩනැගීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම්  

Add comments

දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් වාද භේදයෙන් තොරව රට ගොඩනැගීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කන්තලේ පැවති පුන්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

කන්තලේ මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්වූයේ ඉන් අනතුරුවයි. දහම් පාසල් සිසුන් වෙත උපකරණ ලබා දීම,  ගැබිණි මව්වරුන්ට ප්‍රදානයන් සිදුකිරීම හා දහම් පාසල් ගුරුවරුන්ට තිළිණ පිරිනැමීම සංකේතවත්ව ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

විහාරාධිපති පූ‍ජ්‍ය පොල්හේන්ගොඩ උපරතන ස්වාමීන්වහන්සේ වෙත ජනාධිපතිතුමා සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළා.

උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post වාද භේද නැතිව රට ගොඩනැගීමට එක්වන්නැයි ජනපතිගෙන් ඇරයුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG