Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ හමුදා වලට ඉවත් වන්නැයි සිරියාව දැනුම් දෙයි  

Add comments

තම භූමි ප‍්‍රදේශ වලින් වහාම ඉවත් වන ලෙස විදේශ හමුදා වලට දැනුම්දී ඇතැයි සිරියාව පවසනවා. එය නොසලකා හරිමින් තවදුරටත් රට තුළ රැඳීසිටින්නේ නම් ඒ සඳහා පියවර ගැනීමේ අයිතිය තමන් සතු බවයි විදේ්ශ අමාත්‍ය වලිඩ් අල් මුආලෙම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ප‍්‍රකාශ කළේ.

ඇමරිකා සහ තුර්කි භට කණ්ඩායම් උතුරු සිරියාවේ නීතිවිරෝධී ලෙස රැඳීසිටිනවා. ඔවුන් වහාම ඉවත් වියයුතු බවයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. කැරලිකරුවන් සතුව තිබූ ප‍්‍රදේශ වලින් වැඩි කොටසක් මේ වනවිට යළි රජයේ හමුදා අත්පත් කරගෙන තිබෙනවා. රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක සිට දහස් ගණන් විදේශ ත‍්‍රස්තවාදීන් සිරියාවට රැගෙන විත් ඇත්තේ සියල්ලන් හොඳින්ම දන්නා රටවල සහයෙන් බවට ද ඔහු එහිදී චෝදනා කළා. 2011 වසරේ සිට සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් මේ වනවිට තිස් හත් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. අවතැන්ව ඇති සංඛ්‍යාව මිලියන ගණනක්. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහාවූ කමිටුව හෙට දිනයේදී රැස්ව කඩිනමින් තම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. කිසිඳු රටක හෝ පක්ෂයක මැදිහත්වීමකින් තොරව ස්වාධීනව තම රට කි‍්‍රයාකරන බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිරියා විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

The post විදේශ හමුදා වලට ඉවත් වන්නැයි සිරියාව දැනුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG