දෙවන ලෝක යුද්ධයට භාවිත කළ ඇමෙරිකා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගුවන්යානය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 13 දෙනෙකු ගමන් කර තිබෙනවා. බෝයිං බී.17 නමැති මෙම ගුවන්යානය දෙවන ලෝක යුධ සමයේදී ඇමෙරිකා ගුවන් හමුදා අංශ භාවිත කළ ගුවන්යානයක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ගුවන්යානය අනතුරට ලක් වුණේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේදීයී.
මෙම යානය සිවිල් ජනතාවගේ ප්‍රවාහනය සදහා ලියාපදිංචි කළද ඇමෙරිකා ගුවන් හමුවදාව එය නම් කර තිබෙන්නේ ගුවන්ගත කළ නොහැකි යානයක ලෙසයි.
The post දෙවන ලෝක යුද්ධයට භාවිත කළ ඇමෙරිකා ගුවන් යානයක් කඩා වැටීමෙන් 07ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment