Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ජනපතිට ඉතාලි මාධ්‍යවේදිනිය දුන් තෑග්ග  

Add comments

ඇමෙරිකා රාජ්‍යය ලේකම් මයික් පොම්පියෝ ඉතාලියේ සංචාරයකට එක්ව සිටිනවා. එහිදී රෝමයේ ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ හමුවුණා.

එම අවස්ථාවේ දී අනපේක්ෂිත ලෙස පැමිණි මාධ්‍යවේදීනියක ඇමෙරිකා රාජ්‍යය ලේකම්වරයාට චීස් කැබැල්ලක් ලබා දුන්නා. ඉතාලි මාධ්‍යව්දී ඇලිස් මාර්ටිනෙලි එහිදී සඳහන් කළේ ජනාධිපති ට්‍රම්ප්ට තමන් තෑග්ගක් ගෙනා බව පවසමින් මයික් පොම්පියෝට එම චීස් කැබැල්ල ලබා දුන්නා. එම සිදුවීම මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේ දැඩි කථා බහට ලක්ව තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලියේ ආහාර නිෂ්පාදන සඳහා පනවා ඇති තීරු බදු හේතුවෙන් ඉතාලියේ චීස් නිෂ්පාදකයන් බොහෝ දෙනෙකු දැඩි අර්බුධයකට මුහුණ දී සිටිනවා. ඊට විරෝධය දක්වමින් මෙය සිදු කරන්නට ඇති බවයි විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ.  ඉතාලි අග්‍රාමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍යය ලේකම්වරයා අතර මෙම හමුව පැවැත්වෙන්නේ ද එම තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

The post ඇමෙරිකා ජනපතිට ඉතාලි මාධ්‍යවේදිනිය දුන් තෑග්ග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG