Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණයට 21 දෙනෙකුගෙන් ඇප මුදල්  

Add comments

ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 21 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ද පෙරවරුවේදී ඇප මුදල් තැන්පත් කළ බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රි රත්නායක මහතා කියා සිටියේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් ලබන ඉරිදා මැතිවරණ කොමිසමට කැදවා තිබෙනවා. ඒ හත්වනදාට නියමිත නාමයෝජනා භාරදීමේ වැඩපිලිවෙල පිලිබද සාකච්ඡා කිරිමට.

පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා කාලයේදී පමණක් නාමයෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. නාමයෝජනා සදහා විරෝධතා දැක්වීම ද එම කාලසීමාවේදී සිදුකළ හැකි බව කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළා. ඉන්පසුව පිළිගත් හා ප‍්‍රතික්ෂේප කරන ලද නාමයෝජනා ප‍්‍රකාශයට පත්කෙරෙනවා. නාමයෝජනා භාරදෙන දිනයේ ආරක්ෂක වැඩපිලිවෙල පිලිබද සාකච්ඡාවක් ද මැතිවරණ කොමිසමේදී ඊයේ (02) පැවැත්වුණා.

The post ජනාධිපතිවරණයට 21 දෙනෙකුගෙන් ඇප මුදල් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG