උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන 14 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
21 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ. මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූහය දහස් තුන්සිය හැට තුනක්. පරිගණක විද්‍යාගාර 656ක් විභාග මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමයි අපේක්ෂාව.
විභාග ප‍්‍රවේශ පත‍්‍ර විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ.
The post අපොස උසස් පෙළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන 14 වනදා appeared first on ITN News.
Post a Comment