දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , මධ්‍යම , සබරගමුව , උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් හා වව්නියාව දිස්ති‍්‍රක් වලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් හැත්තෑ පහත්, සියයත් අතර තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි දොපර්තමේන්තුව පෙන්වා දෙන්නේ. බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම හා මන්මාරම දිස්ති‍්‍රක්කයේත් වෙරළබට ප‍්‍රදේශවල උදෑසන කාලයේ සිහින් වැසි අපේක්ෂා කෙරෙනවා. සබගරමුව , මධ්‍යම , ඌව සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
The post පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.
Post a Comment