Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ග‍්‍රෑම් 500 ක් සමග සත්වෝද්‍යාන සේවකයෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් හතරදෙනාගෙන් එක් අයෙකු දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයෙක් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලදී සත්වෝද්‍යානයේ සගවා තිබූ තවත් හෙරොයින් ග‍්‍රෑම් 400 ක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුගෙන් සොයාගත් සමස්ත හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 500 ක්. ඔහු සත්වෝද්‍යානය තුළ හෙරොයින් සඟවා ගෙන ජාවාරම්කරන බවට හෙළිව ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. විශේෂ කාර්ය බලකාය මෙම වැටලීම සිදුකළේ දෙහිවලදී. ඒ හෙභෙරොයින් ග‍්‍රෑම් සියයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන්.

ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරුවන් පිලිබද තොරතුරු හෙළිව තිබෙනවා. ඒ අනුව සැකකරුවන් ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් 683 ක් සහ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත්තා. රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

The post හෙරොයින් ග‍්‍රෑම් 500 ක් සමග සත්වෝද්‍යාන සේවකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG