Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද විවෘත කෙරේ  

Add comments

සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද විවෘත කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

චෙන්නායි සිට පැමිණෙන මුල්ම ගුවන් යානය යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අද දිනයේ පැමිණීමට නියමිතයි. 30 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වන අතර ගුවන්තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භ වනු ඇති. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල රුපියල් මිලියන 2,250ක්. ඊට ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් ඇතුළත්. පළමු අදියරේ මීටර 950 කින් සමන්විත ධාවන පථයක් ඇතුළත් වන අතර ආසන 72 ට අඩු ගුවන් යානා හැසිරවීමට එහි අවස්ථාව උදාවනවා.

 

 

The post යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG