ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය වන ඇන්ටනොව් 124 /මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පසුගියදා ගොඩබස්වනු ලැබුවා.
ටර්ක්මෙනිස්ථානයේ සිට මෙරට පැමිණි එම යානය අද (17) දිනයේ නැවත පිටත්ව යාමට නියමිතයි. මෙම යානය 19 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වනවා. ඔවුන්ට විවේක ගැනීමට අවස්ථාව සළසාදීම සහ ගුවන්යානයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ අරමුනින් මෙම යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.
ඇන්ටනෝව් 124 ගුවන්යානය මෙරට වෙත පැමිණි දසවන වතාව මෙයයි.
The post ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මත්තලට appeared first on ITN News.
Post a Comment