සිය නෑ අලුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ඇඹරලුවේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ අපවත් වුණා.
උන් වහන්සේ වෑබඩ පුරාණ විහාරයේ සහ ගෝනහේන මූලගන්ධකුටි මහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළා. කල්‍යාන ප්‍රදීප පිරිවෙනේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළ පූජ්‍ය ඇඹරලුවේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ ශාසනික මෙන්ම ආගමික මෙහෙවර රැසක් ඉටු කර තිබෙනවා.
අපවත්වී වදාළ ඇඹරලුවේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ගෝනහේන සූරියආරච්චි මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී අනිද්දා (19) සිදු කිරීමට නියමිතයි.
The post පූජ්‍ය ඇඹරලුවේ පඤ්ඤාසීහ හිමි අපවත් වෙයි appeared first on ITN News.
Post a Comment