ජනාධිපතිවරණ නිරික්ෂණ කටයුතු සදහා යුරෝපා සංගමයේ නියෝජිතයන් සිය දෙනෙකුට වැඩි පිරිසක් පැමිණෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් කිහිප දෙනෙක් කොමිෂන් සභාවට අද (15) පැමිණෙන බවයි දැනුම්දී ඇත්තේ. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් නියෝජිතයන් විසි දෙනෙකු , යුරෝපා සංගමයේ නියෝජිතයන් 60 දෙනෙකු සහ සාර්ක් රටවල නියෝජිතයන් විසිපස් දෙනෙකු ද ඊට ඇතුලත්.
ජනාධිපතිවරණයට පෙර සිදුකෙරෙන ප‍්‍රචාරක කටයුතු සහ ජනාධිපතිවරණයෙන් පසු රටේ තත්වය මෙම විදේශීය නියෝජිතයන්ගේ නිරික්ෂණයට ලක්ව බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
The post මැතිවරණ කොමිසමට පැමිණිලි 588 ක් appeared first on ITN News.
Post a Comment