ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව පස්වරු හයට ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා.
සියලු පාර්ශ්ව වල කරුණු විමසීම මේ වනවිට අවසන්කර තිබෙනවා. ඒ පිළිබද ලිඛිත දේශන පස්වරු තුනයි තිහට පෙර ලබාදෙන ලෙසයි අභියාචනාධිකරණය දැනුම් දුන්නේ. එම ලිඛිත දේශන ද විමසා බැලීමෙන් අනතුරුවයි මේ පිළිබද තීන්දුව අද (04) පස්වරුව හයට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන්නේ. මෙම පෙත්සම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදෙනවාද නැද්ද වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවා ද නැද්ද සහ පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන තීන්දුයි මෙසේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙන්නේ.
The post ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සමේ තීන්දුව පස්වරු 6ට appeared first on ITN News.
Post a Comment