Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හගිබිස් සුළි කුණාටුවන් මිය ගිය පිරිස 67 දක්වා ඉහළට  

Add comments

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුවන් මිය ගිය පිරිස 67 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දශක හයකින් අනතුරුව ජපානයට බලපෑ මෙම සුළිකුණාටුවෙන් මිලියන ගණනක් ජපාන ජනතාවගේ දෛනික   ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්ව ඇති අතර සුළි කුණාටුවෙන් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නිවාස එක්ලක්ෂ තිස් අටදහසකට තවමත් ජලය නොමැති අතර විදුලිය නොමැතිකමින් නිවාස 24000 ක ජනතාව පීඩා විදිනවා. සහන සේවා ක්‍රියාත්මත කිරීම සදහා නිලධාරීන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බව සදහන්. ඒ අතර ප්‍රංශයටද  සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රංශයේ දකුණු ප්‍රදේශයටයි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇත්තේ. පැයට කිලෝමීටර් 113 ක වේගයකින් හමා යන සුළි කුණාටුව හේතුවෙන් අකුණු අනතුරු හා ධාරණිපාත වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

The post හගිබිස් සුළි කුණාටුවන් මිය ගිය පිරිස 67 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG