රජයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ දී අද විභාගයට ගැනුණා.
රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස පෞද්ගලික සමාගමක් හරහා විශුද්ධිකරණය කළ බව කියමිනුයි විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගහරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කිරීමට ද අධිකරණය මීට පෙර නියෝග කළා. නඩුව අද කැදවූ අවස්ථාවේ විත්ති පාර්ශ්වයෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි මස 10 වනදාට කල් තැබුණා.
The post නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනේ appeared first on ITN News.
Post a Comment