රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ දී අද විභාගයට ගැනුණා.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවටයි විත්තිකරුවන්ට එරෙහි චෝදනාව වන්නේ. මෙම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළා. නඩුව වැඩිදුර විභාගයට ගැනීම ලබන මස 28 වනදා දක්වා කල් තැබුණා.
The post බැසිල් ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනේ appeared first on ITN News.
Post a Comment