හයිටි රාජ්‍යයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය මැඩ පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් එරට ජනතාව උද්ඝෝෂණවල නිරත වනවා.
උද්ධමනය ඉහළ යාම,අධික ඉන්ධන මිල,ආහාර හිගකම,පාසල් හා කාර්යාල මාස ගණනාවක සිට වසා දමා තිබීම,විරැකියාව,වැටුප් නොගෙවීම යන කරුණු පදනම් කරගෙනයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ. ඒ සදහා දහස්ගණනක හයිටි වැසියන් එක්ව සිටිනවා. හයිටිය ඇමෙරිකා කලාපයේ පිහිටා ඇති දුප්පත්ම රාජ්‍යයයි. වර්තමාන හයිටි ජනාධිපති ජේවෙනෙල් මොයිස් බලයට පත්වූ මාස 32ක කාලයේ හයිටිය මුහුණදුන් අර්බුදකාරීම කාලය ලෙස මෙය හදුන්වනවා. දිගින් දිගටම පවතින විරෝධතා හේතුවෙන් හයිටියේ දෛනික ජන ජීවිතයට දැඩි ලෙස බාධා එල්ලවී තිබෙනවා.
The post හයිටි රාජ්‍යයේ උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment