හිටපු ආරක්ෂක ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් යොමු කර ඇති රීට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝම්බර් 04 වනදා නියෝග කළා. ඊට බලපෑ හේතු පසුව ප්‍රකාශ කරන බවද නිවේදනය කෙරුණා. ඒ අනුව එම හේතු ඇතුළත් සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
The post ගෝඨාභයට එරෙහි රීට් පෙත්සමේ තීන්දුව හෙට appeared first on ITN News.
Post a Comment