Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිහින්තලය පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශ කෙරේ  

Add comments

ඓතිහාසික මිහින්තලය පුදබිම  ජාතික උරුමයක් බවට පත් කිරීමේ උත්සවය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ මිහින්තලය පුද බිම  ජාතික උරුමයක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේට පිරිනැමීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. අමපුර මහාසංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන  පැවැත් වුණා. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ භික්ෂුන් සහ භික්ෂුනියන් 1500 නමක් සහභාගී වී සිටියා. ගාමිණී ජයවික්‍රම, රවී කරුණානායක, පී හැරිසන්  යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිවා.

අනුබුදු මිහිදු මහරහතන්වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් දින 6 ක් පුරා ඓතිහාසික මිහින්තලය පුදබිම තුළ විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වුණා. එහි අවසන් වැඩසටහන අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මිහින්තලා පුදබිමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල යෙදී ආශිර්වාද ලබා ගත්තා. මහා සංඝරත්නය එක්දහස් පන්සිය නමක උදෙසා දහවල් දානමය පුන්‍යකර්මයක් පැවැත්වුණා.

 

The post මිහින්තලය පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG