විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ වෙඩි තබන බවට එල්ලවන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ඉරාක රජය ප‍්‍රකාශ කළා. පසුගිය දින හය පුරා පැවැත්වෙන විරෝධතා මර්දනයට ආරක්ෂක අංශ මැදිහත්ව තිබෙනවා.
කෙසේ වෙතත් විරෝධතා අතරතුර ගැටුම් වලින් 109 දෙනෙකු මිය ගිය බවටයි වාර්තා වන්නේ. හය දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. විරෝධතාකරුවන් රජයේ සහ පෞද්ගලික ආයතන 51 කට ගිනි තබා ඇති බවයි විශේෂ මාධ්‍ය හමුවකදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. බැග්ඩෑඩ් අගනුවර ආශි‍්‍රතව විරෝධතා හටගැනුනේ විරැකියාව , දූෂණය සහ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව යන කරුණු මුල්කර ගනිමින්. විරෝධතා මර්දනයට ආරක්ෂක අංශ මැදිහත්විමත් සමඟ එය ප‍්‍රචණ්ඩකාරි තත්ත්වයකට පත්ව ඇති බවයි මානව හිමිකම් නිරික්ෂණ සංවිධාන චෝදනා කර තිබෙන්නේ.
The post විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බවට එල්ලවන චෝදනා ඉරාක රජය ප‍්‍රතික්ෂේප කරයි appeared first on ITN News.
Post a Comment