Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති අපේක්ෂකයන් 41ක් ඇප තබයි  

Add comments

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම හෙට (07) සිදුවනවා. ජනාධිපති ධුර අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ද අදින් (06) අවසන් වුණා. මේ වන විට ජනාධිපති ධුර අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (06) මධ්‍යහ්න 12 ට ඇප මුදල් තැන්පත් කිරීම අවසන් කෙරුණා. පසුගිය 19 වනදායි එය ආරම්භ වුණේ. ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පී.එම්. එදිරිසිංහ මහතා ඇප මුදල් තැන්පත් කළා. ජාතික සමගි පෙරමුණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ එම පක්ෂයේ  ජනාධිපති ධුර අපේක්ෂක නීතීඥ නාමල් රාජපක්ෂ මහතායි. ස්වාධීනව එස්. සිවාජිලිංගම්, ඒ.එච්.එච් අලවි සහ ගුණපාල තිස්සකුට්ටිආරච්චි යන අයද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව අවටද පොලිස් ආරක්ෂාව තර කර ඇති ආකාරයයි දක්නට ලැබුණේ.

මේ අතර ජනාධිපති ධුර අපේක්‍ෂකයින් සියලු දෙනා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (06) කැදවා තිබෙනවා. හෙට (07) දිනයේ සිදු කිරීමට නියමිත නාම යෝජනා භාර ගැනීමේ වැඩපිළිවෙළ සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ.

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ හා පරණ කෝට්ටේ ප්‍රධාන මාර්ගයේ හෙට පෙරවරු හයේ සිට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

 

The post ජනපති අපේක්ෂකයන් 41ක් ඇප තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG