ඉරාක රජයේ දුෂණ, විරැකියාව සහ රාජ්‍ය සේවා දුර්වල වීමට එරෙහිව ඉරාක වැසියන් සිදුකළ උද්ඝෝෂණවලදි පුද්ගලයන් 99 දෙනෙකු මියගියා.
ඒ පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුම්වලින්. තවත් 4000ට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉරාක ආරක්ෂක අංශ කදුළු ගෑස්, ජල ප‍්‍රහාර සහ ජීව උණ්ඩ යොදාගනිමින් වෙඩි ප‍්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා. මේ වනවිට අන්තර්ජාල සබඳතා විසංධි කර ඇති බවයි ඉරාක වාර්තා සඳහන් කළේ.
විරෝධතාකරුවන් රැස්වීම වැළැක්වීමයි එහි අරමුණ. උද්ඝෝෂකයන් බැග්ඩෑඩ්වල රුපවාහිනි ආයතන කිහිපයකට ද පහරදී තිබෙනවා. ඒ අනුව බැග්ඩෑග් අගනුවර ඇදිරිනීතිය පනවා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
The post ඉරාකයේ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණවලදි 99ක් මියයයි appeared first on ITN News.
Post a Comment