කොස්ගොඩ පොලිසියේ පොලිස් පරික්ෂකවරයකු සහ කාන්තා පොලිස් සැරයන්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවෙකුට මත්පැන් පානය කිරිමට ඉඩ ලබාදීමේ සිද්ධියකට බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
සැකකරු හෙරොයින් ලඟ තබා ගැනීමේ චෝදනාවකටයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එම සැකකරු මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වී තිබුණා. ඒ අනූව සිදුකළ පරික්ෂණවලින් අනතුරුවයි පොලිස් පරික්ෂකවරයාගේ සහ සැරයන්වරියගේ වැඩ තහනම් කර තිබෙන්නේ.
The post කොස්ගොඩ පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් appeared first on ITN News.
Post a Comment