Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තහනම් දැල් භාවිත කළ ධිවරයන් 23ක් අත්අඩංගුවට  

Add comments

ත‍්‍රිකුණාමලය සිනන්වේලි මුහුදු ප‍්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප‍්‍රදේශයේ දී තහනම් දැල් භාවිත කරමින් ධිවර කටයුතු සිදුකළ පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව එම ප‍්‍රදේශවල සිදුකළ මුර සංචාරයක් අතරතුරදී. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 19ත් 48ත් අතර පසුවන කින්නියා සහ මොහොත්තුආරම් යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් ළඟ තිබි තහනම් දැල්, ඩිංගි යාත‍්‍රා 04ක් සහ පිටත දහන යන්ත‍්‍ර 04ක් ඇතුළු තවත් ධීවර උපකරණ රැසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් ත‍්‍රිකුණාමලය සහකාර ධිවර අධ්‍යක්ෂ වෙත භාරදීමටයි නාවික හමුදාව පියවර ගත්තේ.

The post තහනම් දැල් භාවිත කළ ධිවරයන් 23ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG