ජපාන මුහුදට එල්ල කළ බැලැස්ටික් මිසයිලය සබ්මැරීනයක් ආධාරයෙන් එල්ල කළ බවට උතුරු කොරියාව තහවුරු කර තිබෙනවා.
වොන්සොන් වරායේ සිට එල්ල කළ මෙම මිසයිලය කිලෝමීටර් 450 ක් දුර ගමන් කර ජපාන මුහුදට පතිත වූයේ ඊයේ දිනයේදීයි. මෙම වසරේදී උතුරු කොරියාව එල්ල කළ 11 වන මිසයිල අත්හදාබැලීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මිසයිලය අත්හදා බැලුනේ ඇමෙරිකාව සමඟ න්‍යෂ්ඨික අවිහරණය පිළිබදව යළි සාකච්ඡා අරඹන බවට උතුරු කොරියාව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයක් ගතවීමට පෙර වීම විශේෂත්වයක්. ඊයේ අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර් 910 ක උසකින් මුහුදට ඇද වැටුනු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
The post මිසයිලය සබ්මැරීනයක් ආධාරයෙන් එල්ල කළ බවට උතුරු කොරියාව තහවුරු කරයි appeared first on ITN News.
Post a Comment