Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම හෙට අරඹයි  

Add comments

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම හෙටින් (31) ආරම්භ වනවා.

බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී හෙට (31) පස්වරු දෙකට සාක්ෂි විමසීම ආරම්භ කරන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම අවස්ථාව මහජනතාවට සහ මාධ්‍යවේදීන්ට ද විවෘත කර ඇති බව කොමිෂන් සභාවේ ලේකම් එච් එම් බී පී හේරත් මහතා සඳහන් කළා.

කොමිෂන් සභා කාර්යාල පරිශ‍්‍රයට කැමරා, පටිගත කිරිමේ උපකරණ සහ දුරකථන ඇතුලු විද්‍යුත් උපාංග රැගෙන ඒම තහනම්.

The post පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම හෙට අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG