Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි  

Add comments

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද උදෑසන හතට ආරම්භ කෙරුණා.

ඒ අනුව අද (31) සහ හෙට (01) රාජ්‍ය ආයතන හා හමුදා සාමාජිකයන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 4 වනදා හා 5 වනදා සිදුවනවා. විශේෂ දිනයක් ලෙස ප‍්‍රකාශ කර තිබෙන්නේ ලබන 7 වනදා. පෙරවරු 8.30 සිට සවස 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා සඳහන් කළේ.

තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත්වූ අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ දාහත් දහස් නවසිය දහ අටක්. කෙසේවෙතත් ඉන් අයදුම්පත් හය ලක්ෂ පනස් නව දහස් පන්සිය දාහතරක් පිළිගෙන තිබෙනවා. තැපැල් ඡන්දයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

සෑම පොලිස් ස්ථානයක්ම ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරීක්ෂණ කටයුතු සඳහා ද තෝරාගත් මධ්‍යස්ථාන වලට සාමාජිකයන් යොදවන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළා.

තැපැල් ඡන්දය භාවිත කරන සේවා ස්ථාන වලට සියලු පහසුකම් සලසන ලෙසට මැතිවරණ කොමිසම නිලධාරින්ට දැනුම්දී තිබෙනවා. තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හෝ ඡන්ද විමසන ස්ථාන ඡායාරූපගත කිරිම මෙන්ම වීඩියෝගත කිරීම තහනම් බවයි මැතිවරණ කොමිසම පෙන්වාදුන්නේ.

The post තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG