කැලඹිලි ස්වභාවය අරාබි මුහුද දෙසට ගමන් කළ ද අද සහ හෙට දිනයන්හි දිවයිනේ ප්‍රදේශ රැසක අධික වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ත්‍රිකුණාමලය සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශයවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරමආර ඔය මුලටියන කඹුරුපිටිය ප්‍රදේශයෙන් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වුණා.දෙයියන්ද හක්මන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමේන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද තවමත් ජලයෙන් යටව පවතිනවා. වක්වැල්ල , හිරිඹුර ඇතුළු මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
බලපිටිය ගිනිගල්කන්ද ප්‍රදේශයේ කන්දක් නාය යාමේ අවාදනමට ලක්ව තිබෙනවා. එම අවට ජනතාවට නිවෙස්වලින් ඉවත් වන ලෙසයි ආපදා කළමණාකරණ ඒකකය දැනුම් දී තිබෙන්නේ.
තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයද ජලයෙන් යටව පවතිනවා. තංගල්ල නලගම ප්‍රදේශයේ සහ බෙලිඅත්ත සිටිනමලුව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටව පවතින අතර ඔවුන්ට අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර තිස්ස වැව ඇතුළු වැව් රැසක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා. යෝධවැව ,පන්නෙගමුව , වීරවිල වැව ඇතුළු වැව් වාන් දැමීමට ආසන්න බැවින් පහත්බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම් දෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් වවුනියාව ප්‍රදේශයේ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ස්වභාවික විපත් සඳහා පෙර සූදානමක් ලෙස හඳුනාගත් ස්ථාන සඳහා සහන කණ්ඩායම් යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තවලම සහ නෙලුව ප්‍රදේශවලට විශේෂ කණ්ඩායම් යොමු කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. අපද්‍රව්‍ය එක්රැස්වීම හේතුවෙන් ජලය බැසයාම අවහිර වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඕනෑම ආපදා අවස්ථාවකදී ජනතාවට සහන සැළසීමට අවශ්‍ය සහාය ලබා දෙන බව නාවික හමුදාව පවසනවා.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අනතුරු ඇඟවීම් නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.වැසි සමඟ ඇති වන සුළං සහ අකුණු අනතුරු පිලිබද විමසිලිමත්වන ලෙසයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
The post ආපදා සහන සලසන්න නාවික හමුදාව සීරුවෙන් appeared first on ITN News.
Post a Comment